About

DayanadaGunawardena-02 සිංහලයට හුරු නාට්‍ය සම්ප්‍රදායක් බිහි කරලීම සඳහා අපේ ජන ශෛලිය හාරා අවුස්සා ඉන් නාටයෝචිත අංග සොයා යොදා ගැනීමට මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා විසින් මුල පුරන ලදී. මනමේ නාටකයෙන් පසු අවුරුදු පහක් හයක් යන තෙක්ම නිෂ්පාදනවල ඛෙහෙවින් කැපී පෙනුනේ ඒවා ඉදීරිපත් කරන ශෛලියයන්ය. හැම කෙනෙක්ම අළුත් අළුත් ශෛලීන් ඉදීරිපත් කිරීමට වෙරදැරූහ. මින් සිංහල නාට්‍යයට ඉමහත් සේවයක් සැලසුන බව කිව යුතුය.

නරිබෑනා ද එවැනි ප්‍රයත්නයකි. රබන් පද, බම්බු කෝලම් නරිබෑනා ශෛලියට ආධාර වී ඇත. නරිබෑනා නාටකය රචනාකොට ඇත්තේ ජනප්‍රිය ජනකතා දෙකක් ඇසුරු කොට ගෙනය. මින් “සිවලා හා ගම දියණිය” නැමති කතාව අනුව, ගම මහගේ දුව නරියෙකුට දෙන බව කියා බණින්නේ ගම ගෙදරදීය. මේ අතර ගම ගෙදර අසල පඳුරක උන් නරියෙකුට එය ඇසින. ඒ වචන ඇසීමෙන් නරියා ලත් ප්‍රීතිය විඳදරා ගැනීමට තරම් උගේ සිරුර ප්‍රමාණවත් නොවීයැයි ජන කතාකරු පවසයි. නරියා ප්‍රීතියෙන් කළ කෑකෝ ගැසීම් අසා ගම හාමිනේද බිය වූවාය. පසු දිනක ගම දුව විවාහ කරදෙන මංගල උත්සවයක් විය. මනමාලයා පැමිණ මනමාලිය සමඟ පෝරුව මත නැගෙන වේලෙහි නරියා ඔවුන් අතරට විත් ඔහුගේ අයිතිවාසිකම් කියා සිටියේය. කාරණය අවබෝධකර ගත් ගමරාල, මනමාලයා පෝරුවෙන් බස්සවා එතැන නරියාට දී කටයුතු නිම කළේය. මනමාලයාගේ ඉවසීම ගැන කවුරුත් ප්‍රසංශා කළහ. අග හිඟකම් ඇති වු පසු කලක ගම දෙමහල්ලෝ නරිබෑනා බැලීමට ගියහ. එහිදී නරියා සිතු පැතු කෑම ලැබෙන පෙට්ටියක් නැන්ද මාමාට තෑගි කෙළෙන්, දුව නරියෙකුට පාවාදීම ගැන ඔවුන් කණගාටු නොවූහ.

කැලයේදී නපුරු සතෙකුගේ උගුලකට අසුවුණු ගමරාල කෙනෙක් නරියෙකුගේ උපකාරයෙන් බේරී ඔහුට එළු පැටවුන් දෙදෙනකු තෑගි දීමට පොරොන්දු වෙයි. නමුත් ගමරාල මල්ලක් තුළට දමා නරියාට තෑගි කරන්නේ ගම බල්ලන් දෙදෙනෙකි. මේ දෙවැනි ජනකතාවයි. මේ ජන කතා දෙකේ සම්බන්ධයෙන් නරිබෑනා නාටකය රචනා කොට ඇත.

දයානන්ද ගුණවර්ධන (1934 – 1993)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

CAPTCHA
Change the CAPTCHA codeSpeak the CAPTCHA code